විස්මිත කච්චතිව් දේව මංගල්‍යය උත්කර්ෂවත්ව නිමවෙයි [Video]


ඵෙතිහාසික කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මංගල්‍යය ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවති අතර, දේව මෙහෙය සඳහා ශ්‍රී ලාංකික බැතිමතුන් හයදහසක් පමණ සහ ඉන්දීය බැතිමතුන් දෙදහසකට වැඩි පිරිසක් සහභාගි වී තිබෙනවා. 

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු දේව මෙහෙය සඳහා කිතුණු පූජකතුමන් සහ කන්‍යා සොහොයුරියන්ද සහභාගි වූ බව එහි සිටින වාර්තාකරුවන් ප්‍රකාශ කළා. 

සෑම වසරකම කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය පවත්වනු ලබන අතර, උතුරේ ධීවර ජනතාව මෙන්ම දකුණු ඉන්දීය ධීවර ජනතාවද මහත් බැතියෙන් සහ විශ්වාසයකින් ඊට එක්වීමද විශේෂත්වයක්.

දේව මංගල්‍යය වෙනුවෙන් සහභාගිවූ සියලු බැතිමතුන් උදෙසා ආරක්ෂාව සහ පහසුකම් සැළසීම යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව මගින් සළසනු ලැබුවා. දේව මෙහෙය වෙනුවෙන් සහභාගිවූ බැතිමතුන් වෙනුවෙන් බෝට්ටු ප්‍රවාහන සේවයක්ද සළසනු ලැබුවේ නාවික හමුදාව විසින්. 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment