ජගත් පරිසර සමුළුවට ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් නව යෝජනා හතරක්.

   
සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හදුන්වාදීම අද දවසේ සියලූදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිතුමා මෙම සමුළුවට එක්විය.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසදුම්, යන්න සමුළුවේ තේමාවයි.

එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරිමට පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැදී සිටින බවයි.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් වන ශ‍්‍රී ලංකාව රටේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප‍්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව ද පැවසිය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකාව දැඩිව කැපව සිටින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ජීවත් වන්නන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ගත් කළ ගොවිතැනට අවශ්‍ය වන කාලගුණික තත්ත්වයන් මෙන්ම හරිතකරණය සඳහා හොඳ විභවයන් පවතින බව ද පැවසීය. එබැවින් ශ‍්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය සඳහා ඉදිරිපත් කිරීම සුවිශේෂී විය.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය, සමුද්‍රිිකකසළ සහ ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත‍්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත්  කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෑතකදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීයනායකයන්ගේ රැස්වීමේ දී ශ‍්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප‍්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප‍්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන බවයි.

පරිසර අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයෙකු ලෙස ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලූදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් කෙරිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment