ශ්‍රී පාදස්ථානය වැඳපුදාගන්න ශ්‍රී ලංකාවට ආ කාම්බෝජ හිමිනම අපවත් වෙලා

කාම්බෝජයෙන් මෙරටට වැඩම කර සිටි හිමිනමක් දික්ඔය මූලික රෝහලේදී අපවත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවැසීය.
මෙසේ අපවත් වී ඇත්තේ සැම්රොන් ඩාන් නැමැති 90 හැවිරිදි හිමිනමකි.
කාම්බෝජයෙන් පසුගියදා මෙරටට වැඩම කළ සංඝරත්නය සමඟ අපවත් වී වදාළ
සැම්රොන් ඩාන් හිමිනමද
වැඩම කර ඉකුත් 9 වැනිදා ශ්‍රී  පාදස්ථානය වැඳ පුදා ගෙන ආපසු කොළඹ දක්වා එන අතරතුර
හදිසියේ රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී 13දා
පස්වරුවේ අපවත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවැසීය.

ශ්‍රී  පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ දික්ඔය මූලික රෝහල වෙත ගොස්
අපවත් වූ කාම්බෝජ හිමිනමගේ දේහයට අවසන් ගෞරවය දක්වා ඇත. අපවත් වී වදාළ හිමිනමගේ පශ්චාත්
මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී සිදු කර ඇති අතර දේහය කාම්බෝජ තානාපති කාර්යාලය වෙත
භාර දීමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment