විපක්ෂය අයවැය පාරාජය කරන්න අත් ඉස්සුවත් ජනපති වැය ශීර්ෂය සම්මත කරනවලු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කෙරේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (05දා) දහවල් පැවැති මෙම රැස්වීමේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ආණ්ඩුවේම පිරිසක් සැලසුම් කරමින් සිටින නිසා
වැය ශීර්ෂය පරාජය කිරීමට ඉඩ නොදී එය සම්මත කර ගැනීමට සියලුම දෙනා සහයෝගය ලබාදිය යුතු බවයි. මේ අනුව මාර්තු 13 වැනිදා අය - වැය කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සහයෝගය දැක්වීම සඳහා එදිනට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මීට අමතරව වර්තමාන ආණ්ඩුවේ සමස්ත අය - වැය පරාජය කිරීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාවේදීම එය පරාජය කිරීමටත් අය - වැය විවාදය පිළිබඳ මනා අවධානයකින් සිටීමට මෙහිදී තීරණය කෙරිණි. මාර්තු 08 වැනිදා 'ඉවසුවා ඇති' ආණ්ඩුවට එරෙහිව මහනුවරදී පැවැත්වීමට නියමිත ජන රැලියෙහි සංවිධාන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ. අද (06දා) පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන්ද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා රැස්වීමේදී පැහැදිලි කොට ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබුණු ඉල්ලීමක් අනුව විපක්‍ෂ නායක ලෙස තමන් මෙම සාකච්ඡාවට සහභාගි වන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඩබ්ලිව් - කේ. ප්‍රසාද් මංජු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment