වාහන බදු වැඩිවීම ගැන මංගල කිව්ව හැටි - මිලියනයකට තමන්ගේ නම වාහනේ අංකය ලෙස

මෙවර අයවැය කතාවේදී මංගල සමරවීර ඇමතිවරයා සුඛෝපබෝගී වාහන වලට වැඩි බදුද මිල අඩු වාහන වලට අඩු බදුද ලැබෙනු ඇති බව කී නමුත් එම ගණන් ප්‍රකාශ කළේ නැත. (ඒවා අයවැය වාර්තාවේ සවිස්තරව පළවනු ඇත) කෙසේ වෙතත් සිදුවන මිල ගණන් බලපෑම අවම බව කීවේය.

වාහන ආනයනයේදි පනවා ඇති 200%ක ආන්තික මුදල තැන්පතුව ඉවත් කරන බවද කීය.
නව රථයකට අංක තහඩු ගැනීමට විශේෂ අංක ලබාගැනීම රථවාහන දෙපාර්තමේන්තුවෙන් කරගත යුතු බවත් හිතවතුන්ට මුදල් දී කරගැනීමේ ක්‍රමය වෙනස් කරන බවත් කී අතර අංක තහඩුවලට තමන්ගේ නම දාගත හැකි බවත් ඒ සඳහා මිලියනයක ගාස්තුවක් දක්වනා ඇති බවත් කීය. උදාහරණ ලෙස දිනේෂ්1 ලෙස අංකයක් ලබාගන්නට මිලියනයක් ගෙවා හැකි බවත් ඔහු මතක් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment