ළමයව දූෂණය කරේ නෑ ඒ්කයි නිදහස් වුනේ- මාව මරන්න ප්ලෑනක් තියනවා - රත්තරන්


16 හැවිරිදි දැරියක බරපතල අපයොජනයට හා අතවරයකට ලක්කළ බවට චෝදනා ලබා පොලිසියට බාරවීමෙන් පසු අදිකරනයේ ඇපමතපත මුදාහැර සිටින පලාත් සබා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
(රත්තරන්  ඊයේ (12)
දකුණු පළාත් සභාවේදී තමා නිර්දෝෂී නමුත් නඩුව නිසා ඒ ගැන වැඩිය නොකියන බවත් තම ජීවිතයට මරණීය තර්ජන ඇති බැවින් රැකදෙන්නැයි මන්ත්‍රී වරප්‍රසාද පැනයක්ද යොමු කලේය.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මෙසේද පැවසිය.

"මට මේවනවිට විරුද්ධවාදීන් බොරු චෝදනාවලින් මාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කරනවා. මම දැරියක් දූෂණය කළබවට ප්‍රචාරය කරනවා. නමුත් මා නිර්දෝෂ නිසා අධිකරණයෙන් මට සාධාරණය ඉටුකර දි තිබෙනවා. නඩුවක් අධිකරණයේ තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නෑ.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා පසුගිය දා දැරියට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් දී මාධ්‍ය ඉදිරියේ අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් රත්තරන්ට ඇප දුන්නේ කොහොමද කියා අසා තිබෙනවා. අධිකරණයේ නඩුවක් තිබියදී එහෙම ප්‍රශ්න කරන්නේ කොහොමද ?"
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment