ජෙනිෆර් ලෝපෙස් 49 වියේදී හතරවෙනි කසාදෙට යයි

ලෝකයේ ධනවත්ම හොලිවුඩ් කලා ශිල්පිනියක වන 49 හැවිරිදි ජෙනිෆර් ලෝපෙස් සිය 4 වන විවාහය සඳහා ගිවිසගැනිමේ චාරිත්‍රය සිදු කළ බව බටහිර වෙබ් අඩවි වාර්තා කරයි.

ඇය මෙවර අතගන්නේ ඇලෙක්ස් රොඩ්‍රිගොස් නමැති ප්‍රකට
ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩකයා සමගිනි. මින් ඉහත ඔජානි නොආ,ක්‍රිස් ජුඩ් සහ ප්‍රකට ගායක මාක් ඇන්තනි සමග ඇය විවාහ වී සිටියාය. ඇය වැඩිම කලක් එකට සිටියේ මාර්ක් ඇන්තනි සමගිනි.(2004-2014)
මාර්ක්ට දාව ඇයට දරු දෙදෙනෙකි. 2008 දී උපන් පිරිමි හා ගැහැණු නිවුන් දරුවන් වූ ඔවුන්ට දැන් වයස 11 කි.
අලුත විවාහ වන ඇලෙක්ස් සමග ඇය 2017 සිට සම්බන්ධව සිටි බවත් දැන් සිදුවූයේ එම ආදර කතාවේ උච්චතම අවස්ථාව බවත් ඇය පවසා තිබේ.
ගායිකාවක නිළියක චිත්‍රපට නිස්පාදිකාවක ආදී විවිධ අංශ වල ඉහළට ගිය ලෝකයේ ධනවත්ම කලා ශිල්පිණියක හැටියට සැලකෙන ජෙනිෆර් ලෝපෙස් ඇමරිකානු ඩොලර් මිලියන 320 ක වත්කමක් ඇති කාන්තාවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment