අයවැය මාධ්‍ය සන්දර්ශන අවසන් ජනපති වැය ශීර්ෂයත් ඡන්ද විමසීමෙන් තොරව සම්මතයි

අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද (13) විවාදයට ගැනුනු ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 22 සංශෝධන රහිතව සම්මත විය.
කාරක සභා අවස්ථාවේදී

ජනාධිපති වැය ශීර්ෂයට අදාලව ඡන්දයක් අවශ්‍ය  බව එක්සත් ජාතික පක්ෂ පසු පෙල මන්ත්‍රී චමින්ද විජේසිරි කියා සිටි නමුත් සභානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඡන්ද විමසීමක් සිදු වුයේ නැත.

අයවැය පරාජය කර නව ආන්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පුවත්පත්වලට ප්‍රකාශ කළත් අයවැයට විරුද්ධව ඊයේ ලැබුනේ ඡන්ද 76 ක් පමණි.

එසේම මෛත්‍රී ජනපති තමන්ට කෙනෙහෙලි කම් කරන නිසා ජනපති වැය ශීර්ෂය පරදවන බවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් මාධ්‍ය තුළ විශාල හඩක් නැගුවත් අද ජනපති වැය ශීර්ෂය සම්මතයට ඡන්දයක් පවා අනවශ්‍ය බව දන්වා තිබුණි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment