සැත්කම අතර හෙදියට බෝන් කටරයෙන් පහරදුන් ශල්‍ය වෛදයවරයා ලක්ෂයක් වන්දි ගෙවයි

https://www.gossiplankanews.com/2019/03/bone-cutter-nurse-doctor-kurunegala.html
කුරුණෑගල මහ රෝහලෙහි ශල්‍යාගාරයක්  තුල  ශල්‍යකර්මයක් සිදු කෙරෙමින් තිබියදී එහි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔහු සමග ශල්‍යකර්මයේ සහායිකාවක ලෙස කටයුතු කරමින් සිටි හෙදියකට  “බෝන් කටර්” නමැති උපකරණයෙන්  සිදුකල පහර දීමක් හේතුවෙන්
එම හෙදියගේ  හිසට තුවාල සිදු වීමෙන්  ඇය එම රෝහලෙහිම ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුණි. පසුව සිද්ධියකට විරෝධය පාමින් රෝහලේ හෙද කාර්ය මණ්ඩලයඊයේ විරෝධතාවක නිරතවූ අතර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත් විය.
එහිදී වෛද්‍යවරයා තමන් සිදු කළ වරද පිලිගෙන හෙදියට

වන්දි වහයෙන් රුපියල් ලක්සයක් ගෙවන්නට කැමැතිවීමෙන් පසු සිද්ධිය සමථයකට පත්ව ඇත.
පෙරේදා (12) සවස සිදුව ඇති මෙම පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ  මාධවී රාජගුරු  නමැති හෙදියක් වන අතර පහර දීම නිසා අයගේ හිසට සිදුවූ තුවාල සදහා ශල්‍යකර්මයක් සිදු  කල  බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබුණි.

මෙම පහර දීම සිදුව  ඇත්තේ ශල්‍යකර්මය සිදු කෙරෙමින් තිබෙන අතරතුර වෛද්‍යවරයා විසින් මෙම බෝන් කටර් නමැති  උපකරණය භාවිතා කිරීමෙන් පසුව එය රෝගියාගේ ඇද මත තබා එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට හෙදියට දැනුම්  දෙද්දී එය පසුවට තබා ඇය උපකරණය රැගෙන තමා අතෙහිවූ බන්දේසිය මත තබා ගැනීම නිසාය. එම ක්‍රියාවට උරණවූ වෛද්‍යවරයා එකී උපකරණම රැගෙන තමාගේ හිසට පහර එල්ල කල  බවත්  සිද්ධියෙන් තුවාල ලැබූ හෙදිය පවසා තිබේ.. 

එම පහරදීම නිසා ඇගේ හිසෙන් රුධිර දහරා රූරා වැටෙන්නට වූ අතර ඇය එවෙලේම රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු විය.

මෙම පහරදීමට විරෝධය පළකරමින් ඊයේ පෙරවරුවේ  කුරුණෑගල මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය සිය රාජකාරි වලින් බැහැරව විරෝධතාවකයක ද නිරත වූ අතර සිද්ධිය පිළිබඳව කුරුණෑගල මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය වීරබණ්ඩාර මහතා සඳහන් කළේ සිද්දිය ගැන පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් අදාළ ශලය වෛදයවරයාට මානසික රෝගයක් ඇති බවට සැකකරන බවයි.

කෙසේ වෙතත් සවස වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුව මහේස්ත්‍රාත් හමුවට පැමිණවන්නට ප්‍රථම තමා එම කාරනාව වෙනුවෙන් ල්කසයක් ගෙවන්නට කැමති බවත් ඒ අනුව සමථයකට පත් කළ හැකිදැයි වෛද්‍යවරයා විමසා ඇත. හෙදියගේ පාර්ශ්වය එයට කැමතිවී සිද්ධිය සමථයකට පත්ව ඇත.
හෙදිය තවමතක් ප්‍රතිකාර ලබමින් සිටියි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment