ලීසින් ගෙවා ගන්න බැරිය කියා ලොරිය වළ දාලා


දංකොටුව පොලිස් වසමට අයත් දික්වෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු තමන්ට අයත් ලොරියක් ඔහුට අයත්
ඉඩමක වළදමා ඇති බවට
පසුගිය දිනක දංකොටුව පොලිස් බුද්ධි අංශයට ලැබුණු පැමිණිල්ලක් මත දංකොටුව පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් වළදමා තිබූ එම ලොරිය ගොඩගෙන තිබේ.

 ලොරිය වළ දමා තිබූ අයගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු සමග වාහන හුවමාරුවක් කරගත් බවත් තමන් සතු මෝටර්රථය ඔහුට දී ඔහු සතුව තිබූ ලොරිය හුවමාරු කර ගත්ත ද එයට ලීසිං වාරික 10 ක හිඟයක් තිබූ හෙයින් රථය ආරක්ෂා කරගැනීම සඳහා මෙසේ වළ දැමූ බවය.

 අදාළ පුද්ගලයා ලොරිය වළ දැමීමට පෙර ලොරියේ ගියර් පෙට්ටිය හා එන්ජිම ගලවා ඉවත් කර තිබේ. අනතුරුව බැකෝ යන්ත‍්‍රයක් ගෙන්වා රාත‍්‍රිකාලයේදීම විශාල වළක් හාරා වාහනය වළට බස්සා එය මතින් ලෑලි හා ඉටිකොල දමා පස්වලින් වසා දමා තිබූ බව දංකොටුව පොලිසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment