කුඩු චූටිට වෙඩි තැබූ කංජිපානිගේ ගෝලයා ජීබුම්බා අත්අඩංගුවට


කුඩු චූටි නමැති කාන්තාව ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(13) අළුයම ගම්පොල,
ගම්පොලවෙල ප්‍රදේශයේ සැගව සිටියදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අදළ සැකකරු ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සමාජික කන්ජිපානී ඉම්රාන්ගේ ගොලයෙකුවන 33 හැවිරිදි '' ජී බුම්බා" නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල - ගම්පොලවේල ප්‍රදේශයෙදි බව සඳහන් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment