හේමසිරි ප්‍රනාන්දු ලියූ, 'The Viceroy Special' භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදැක්වීම මාර්තු 6 වැනිදා.


හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, වයිස්රෝයි ස්පෙෂල් නමින් භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම, මාර්තු මස 6 වැනිදා (බදාදා) පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙරට සංචාරක කර්මාන්තයේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය සංධිස්ථානයක් සනිටුවන් කළ නිර්මාණයක් වන වයිස්රෝයි ස්පෙෂල් වාෂ්ප දුම්රිය නිර්මාණය කිරීම, මෙරට දුම්රිය ප්‍රවාහනයේදී වාෂ්ප එන්ජින්වල දායකත්වය පිළිබඳ මෙන්ම දුම්රිය ප්‍රවාහනයේ විකාශනය පිළිබද පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක කෘතියක් ලෙස මෙම කෘතිය නිර්මාණය වී ඇත. කෙසේ නමුත්, නවකතාමය ස්වරූපයෙන් ගලා යන පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ ඇති රසය සහ ගුණය එලෙසම පවත්වාගන යමින් එම අත්දැකීම සිංහල පාඨකයා වෙත දායාද කිරීම අනුවාදකයාගේ උත්සාහය වී තිබේ.

භාරත තෙන්නකෝන්, මින් පෙර අසමජ්ජාති ආදරය, ඊළඟ කෑල්ල, කුමාරයා යන නවකතා මෙන්ම ප්‍රවෘත්ති අත්පොත, පළමු පුරවැසි මැදුරු පුරාණය හා ලක්නැණ පැණ යන කෘති ද රචනා කර ඇත. වයිස්රෝයි ස්පෙෂල් ඔහුගේ පළමු අනුවාදයයි.

මුල් කෘතියේ කර්තෘ හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම කෘතියට අමතරව ද ඌව රේල්වේ සහ දුම්රිය ප්‍රවාහනයේ පළමු සියවස නමින් තවත් කෘති දෙකක්ද රචනා කර ඇත.

මේ අතර, මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ මුල් කෘතියේ කර්තෘ වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment