අද (5) රෑ සිට දුම්රිය නවතී

දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරමින් වයස අවුරුදු 45 ට වැඩි දුම්රිය සේවකයන් 12 දෙනකුට දුම්රිය රියදුරු පත්වීම් දීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තම සංගමයේ රියදුරන් අද
(5) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ
වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

දුම්රිය රියැදුරන් ලෙස අභ්‍යන්තරයෙන් බදවා ගනු ලබන සේවකයන් වයස අවුරුදු 45 ට වැඩි නොවිය යුතු බව දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ කොන්දේසි මාලාවට ඇතුළත් වන බව කි දොඩම්ගොඩ  2013 සහ 2014 වසරවලදී දුම්රිය රියදුරු තනතුරු සඳහා අයැදුම් කළ දෙපාර්තමේන්තුවේ සේවකයින් 12 දෙනකුට එම පත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇති බවත් එය දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටීය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවත් පැවැසීය.

මේ පිරිසට දුම්රිය රියදුරන් ලෙස පත්වීම් දීමට කටයුතු යෙදුවද දැනට දුම්රිය රියැදුරු පුරප්පාඩු නොමැති බව ද ඔහු කීය.දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ කොන්දේසි නීත්‍යනුකූලව සංශෝධනය කර දුම්රිය රියදුරන් බඳවා ගන්නවාට තම සංගමයේ විරෝධයක් නොමැති බව ද දොඩම්ගොඩ මහතා පැවැසීය.

 අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙන දුම්රිය රියදුරු වර්ජනය පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍යයාංශ ලේකම් එල්.පී. ජයම්පති හා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ට ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු කීය.

(මහින්ද නිශ්ශංක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment