පොලීසිය සමග ඇතිවූ ගැටුමක් අතරවාරයේ ජීවිතක්ෂයට පත්වූ ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ සුමිත් ප්‍රසන්න නමැති එක් දරු පියාගේ දේහය යළි ගොඩගනිමින් තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පවත්නා සැක සහිතභාවය හේතුවෙන් මෙම දේහය නැවත ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම වඩා සුදුසු බව නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගියදා අධිකරණයට කරුණු දක්වන ලදී.
ඒ අනුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් මෙම දේහය සම්බන්ධ යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සුදුසු බව නියෝග කිරීමෙන් පසුව මෙලෙස අද දිනයේ දේහය ගොඩගැනීම සිදුකරන බව අදදෙරණ වාර්තාකරු පවසයි.
කෙසේ වුවද මෙම සිද්ධියේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා කියා සිටියේ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව පරීක්ෂණ මෙහෙයවිය හැකිව තිබියදී දේහය ගොඩගෙන නැවත පරීක්ෂණ කිරීමෙන් අගතියට පත් පාර්ශවයට කිසිදු සාධාරණත්වයක් ඉටුනොවනු ඇති බවයි.
0 comments :
Post a Comment