
අදාළ මෝටර් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට වැල්ලවත්ත දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය කර තිබෙනවා.
එහිදී ගුවන් පාලම අසලින් ගමන් කිරීමේදී මෙම යකඩ බටය මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මතට කඩා වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා සඳහන් කළේ මෙය තම දෙපාර්තමේන්තුවට අයත් පාලමක් නොවන බවයි. ඒ අනුව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ මෙම පාලම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාලමක් බවයි. මෙහි ඇති අඩුපාඩු පිළිබඳව අවස්ථා කිහිපයකදී දැනුවත් කර තිබූ බවත් පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment