පාවාදිමට පරදවමු!රණවිරුවන් සුරකිමු!

බෙදුම්වාදීන් පිනවිම සදහා ‘විජයග්‍රහණයේ සැමරුම’සංස්කෘතික සංදර්ශනයක් දක්වා වෙනස් කිරිමට යහපාලනය ගත් අසික්කිත දේෂද්‍රෝහි ක්‍රියාමාර්ගයට එරෙහිව හෙට විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයන්ගේ “රණවිරු විජයග‍්‍රහණයේ අභිනන්දන පුජා”හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැත්විමට සියලු කටයුතු යොදවා තිබේ.

රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් සිහිකර සහ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් වීම නිමිති කොටගෙන මහින්ද රාජපක්ෂ යුගයේදී සෑම වර්ෂයකදීම රාජ්‍ය උත්සවයක් පැවැත්වුණ අතර යහපාලනය පත්විමෙන් පසුව බෙදුම්වාදීන්ට රට පාවාදිම හරහා රට වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන් අමතක කර දැමිමට මේ වනවිටත් කටයුතු කර අවසන්.

මෙම සමරැව සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මහජන නියෝජිතයින් භික්ෂූන් වහන්සේලා 1000 කට වැඩි පිරිසක්ද හා රණවිරුවන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ද සහභාගී විමට නියමිත වන අතර එම අවස්ථාව සජිවිව විකාශනය කිරිමට කටයුතුද යොදවා තිබේ.

මේ අතර මනුෂ්‍යත්වයේ ජයග්‍රහණය වෙනුවෙන්, මබ්විමේ ඒකීයභාවය වෙනුවෙන් කැපවූ විරුවන් සමරමු ! – බෝධි පූජාවට ඔබත් එන්න -19 දා කැළණි පන්සලට

IMM

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget