ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති යුද්ධ හමුදාව ඉවත් කර ඒ වෙනුවට පොලිසිය යොදන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බළකායේ සෙබළුන් 35 දෙනකු ඇතුළු ආරක්ෂකයන් 50 දෙනකුගේ ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට යොදවා තිබේ. ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් මින් ඉදිරියට යුද්ධ හමුදා සාමාජිකයන් යෙදවීම නැවැත්වීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ප්‍රභූ ආරක්ෂාවෙන් මෙසේ යුද්ධ හමුදා සාමාජිකයන් ඉවත් කිරීම සිදුවෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ කිසිඳු ප්‍රභූවරයකුට යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආරක්ෂාව යොදා නැති බවත් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment