එවරස්ට් තරණයට ලාංකිකයින් දෙදෙනෙක් සූදානම් (VIDEO) 

එවරස්ට් තරණයට ලාංකිකයින් දෙදෙනෙක් සූදානම් (VIDEO) 

ඉතිහාසයේ ප්‍රථම වරට ලොව උසම කඳු මුඳුනවන එවරස්ට් තරණයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සූදානම් වේ.

ඔවුන් මේ වනවිට මුහුදු මට්ටමේ සිට මීටර් 5,300 ක උසින් පිහිටි එවරස්ට් කඳු පාමුල රැඳී සිටින බව වාර්තා වේ.

ජයන්ති කුරුඋතුම්පාල හා යොහාන් පීරිස් යන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනා එවරස්ට් කඳු මුදුන වෙත ළඟාවීමට පෙර ඔවුන් සිය අභියෝගයේ අවසන් අදියරට පැමිණ ඇති බව දැනුම් දීමට වීඩියෝ පටයක් මුදා හැරියේ ය.

ජයන්ති කුරුඋතුම්පාල වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක්වන අතර, යොහාන් පීරිස් ජනප්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකි.

ලොව උසම කඳු මුදුනවන එවරස්ට් සාර්ථක ව තරණය කර ඇති පිරිස 3000 කට ආසන්න වේ. කෙසේ වුව ද එම ප්‍රයත්නයේ දී මේ වනවිට පුද්ගලයින් 210 දෙදෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න, 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment