'විසුම්පාය' කුඩා හෝටලයකට 

'විසුම්පාය' කුඩා හෝටලයකට 

කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි විසුම්පාය මන්දිරය උසස් තත්ත්වයේ පහසුකම් සහ සේවා සැපයෙන කුඩා හෝටලයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යටත් විජිත සමයේදී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින්ගේ භෝජනාගාරයක් වශයෙන් ඉදි කරන ලද දෙමහල් ගොඩනැඟිල්ලක් වන 'ඇක්ලන්ඩ් හවුස්' (විසුම්පාය) ගෙඩනැඟිල්ල මේ වන විට ක්‍රමයෙන් දිරාපත් වෙමින් පවතින අතර, එහි පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ කටයුතු සිදු කිරීම අවශ්‍යව ඇතැයි රජය පවසයි.

ඒ අනුව, එම ගොඩනැඟිල්ල, ඉහළ මට්ටමේ සංචාරකයන් හා සුවිශේෂි අමුත්තන් ඉලක්ක කරගනිමින් නවාතැන් පහසුකම් ඇතුළු උසස් තත්ත්වයේ සේවා සපයනු ලබන සුවිශේෂ අනන්‍යතාවයකින් යුත් කුඩා හෝටලයක් (Boutique Hotel) ලෙස සංවර්ධනය කර කළමනාකරණය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget