
එ.ල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් සමඟ එක්ව ‘ආවා’ නමින් ආයුධ සන්නද්ධ කල්ලියක් පිහිටුවා රජය අපහසුතාවයකට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 03 දෙනෙකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉන්ද්‍රකුමාර කබ්ලෝෂන්, ඉන්ද්‍රකුමාර නිරුෂන් හා තිරුචෙල්වම් ප්‍රභූෂම් යන අයයි.
ඊයේ (08) දිනයේදීත් මීට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, ශිවලින්ගම් කමලනාත්, ඇන්ටන් පාසියන් අරවින්දම් , කේ. තිරුන්ඩාවන් යන අයයි.
0 comments :
Post a Comment