'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)

'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)

තමන් ලංකාවේ සිටියා නම් ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා පෙළපාළිය විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් ඊයේ (08) කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ එදින ආබාධිත රණවිරුවන්ගේ පෙළපාළිය ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කරනවිට තමා ඉන්දියාවේ සිටියද තමාට දුරකථන ඇමතුමක් ලබාදී හෝ ඒ පිළිබඳව විමසීමක් කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි.

ආබාධිත රණවිරුවන් වසර 8ක් පුරා මුහුණදුන් මෙම ගැටලුව තමා වෙත ඉදිරිපත් වී ගතවූයේ මාස 4ක කාලයක් පමණක් බව කී ජනාධිපතිවරයා එම ගැටලුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට විසඳුම් ලබාගෙන ආබාධිත රණවිරුවන්ගේ සංවිධානවලට හා එකී ආයතන ද දැනුවත් කර තිබියදී මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බව පැවසීය.

එම නිසා මෙම උද්ඝෝෂණය පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බව ඉතා පැහැදිලි කාරණයක් බව පැවැසූ ඒ මහතා සමහරවිට තමන්ව වෙනත් කණ්ඩායමක් විසින් දේශපාලන වුවමනාවක් මත මෙහෙයවන බව ආබාධිත රණවිරුවන් පාවා නොදෙන සිටින්නට ඇතැයි ද කියාසිටියේය.

ආබාධිත රණවිරුවන් උද්ඝෝෂණය ආරම්භ කරන විටත් ඉන්පසුවත් ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාවේ ප්‍රධානීන් හරහා ඔවුන්ගේ ගැටලුව විසඳා ඇති බව දැන්වුවත් ඔවුන් උද්ඝෝෂණය නැවැත්වීමට කටයුතු නොකළේ මෙය දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් නිසා යැයිද ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර සිටියේය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget