දුම්වැටි පෙට්ටියේ තවත් වෙනසක්

දුම්වැටි පෙට්ටියේ තවත් වෙනසක්

මෙරට අළෙවි වන දුම්වැටි පැකට්ටුවල වෙනසක් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

ඒ, ඔස්ටේ‍්‍රලියාව හඳුන්වාදුන් ආකාරයේ සුදු පැහැති දුම්වැටි පැකට්ටුවක් මෙරටට ද හඳුන්වාදීමටයි.

දුම්වැටි වර්ගයේ නාමය සහ රූපමය අවවාද  හැර වෙනත් කිසිදු විස්තරයක් අඩංගු නොවන ලෙස එම දුම්වැටි පැකට්ටුව හඳුන්වාදීමට යෝජනා වී තිබේ.

එ් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ කැබිනට් පති‍්‍රකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව මෙම තනි සුදු පැහැති දුම්වැටි පැකට්ටුව හඳුන්වාදීමට නියමිතය.

මෙහි අරමුණ දුම්පානය තවදුරටත් අවම කිරීම වන අතර 2020 වන විට දුමෙන් තොර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget