මාධ්‍යවේදීන්ට අවම වැටුපක් 

මාධ්‍යවේදීන්ට අවම වැටුපක් 

මාධ්‍යවේදීන් සඳහා අවම වැටුපක් ස්ථාපිත කිරීමට අදාළව අනපතන් සම්මත කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

එම පනත් ගෙන ඒමේදී ඉන්දියාවේ උදාහරණ පිළිබඳව අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යාංශයේ සේවා කිරීමේදි තමා හා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා බයිසිකලයක රෝද මෙන් එක්ව වැඩ කරන බවත් ඔහු පැවසී ය.

“යහපාලන රජයේ නිල මුද්‍රාව තොරතුරු දැන ගැනීමේ පනත වෙනවා. මේ ආණ්ඩුව යටතේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තිබෙනවා. යහපාලන රජයේ නිල මුද්‍රාව තොරතුරු දැන ගැනීමේ පනත වෙනවා. මාධ්‍ය ආයතන අතර තරඟකාරීත්වයක් අවශ්‍යයි. එය ගුණාත්මක වැඩසටහන්වලින් හා නිවැරැදි තොරතුරු මත පදනම් විය යුතුයි. සැමවිටම මාධ්‍යයක න්‍යාය පත්‍රය විය යුත්තේ, මහජන සුබසිද්ධියයි“ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget