රනිල් - මහින්ද - සම්බන්ධන් අතර විශේෂ සාකච්ඡාවක්

රනිල් - මහින්ද - සම්බන්ධන් අතර විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ද සහභාගි වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ඉදිරියේදී අද (09)  තමන්ගේ අදහස් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබිණි. 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජයේ අදහස එහිදී පැහැදිලි කරගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමතිවරුන්ට අවශ්‍ය තරම් වාහන පාවිච්චි කිරීම සඳහා අවසර දෙමින් තමන්ගේ පාලන සමයේදී නිකුත් කළ චක්‍රලේඛය අනුව එම රජයේ ඇමතිවරුන් කටයුතු කළ  බවත් වත්මන් රජය එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

“අද අපි ගැන හොයන්න අමෙරිකාවේ තියෙන එෆ්.බී.අයි. එකෙන් උපදෙස් අරගෙන ඒ අය මෙහේ ඇවිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරමින් තමයි කටයුතු කරන්නේ. විමල් වීරවංශ වාහනයක් කාටද දුන්නා කියලා හොයනවා. ඇමතිවරයෙක් වශයෙන් තමන්ට වාහන පාවිච්චි කිරීමේ නිදහස තියෙනවා. චක්‍රලේඛයක් යැව්වා වාහන උවමනා ප්‍රමාණයක් පාවිච්චි කරන්න අයිතිය තියෙනවා, වැඩිපුර වාහන ඕනනම් අපට දන්වලා ගන්න කියලා. ඒ අනුව ඔහු ඔහුගේ යුතුකම් ඉටුකළා. අද සමහර ඇමතිවරු ඒ විදියට වාහනවල යනවා. සමහර නායකයෝ යන දිහා අපි බලන් හිටියා. වාහන විස්සයි, විසිදෙකයි එක පෝලිමට. මේක විකෘති කරලා, වාහනයක් පාවිච්චි කළාම රජයේ දේපොළ පාවිච්චි කළා කියලා ඇප දෙන්නෙ නෑ“ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment