දෙමටගොඩ චමින්දගෙන් දෙදෙනෙකුට මරණ තර්ජන

දෙමටගොඩ චමින්දගෙන් දෙදෙනෙකුට මරණ තර්ජන

මේ වනවිට මරණ දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා විසින් සහස්පුර බාබර් සාප්පුවකදී පුද්ගලයෙකුට වෙඩි තබාඝාතනය කළේ යැයි කියන නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අලුත්කඩේ උසාවි භූමියේදී මරණීය තර්ජනය එල්ල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට දී තිබේ.

භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතාගේ ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණයට කැඳවාගෙන පැමිණි අවස්ථාවකදී උසාවි භූමියේදීම එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස පරීක්‍ෂණ සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment