හිරුණිකා මැතිසබේ ප්‍රකාශය යළි තහවුරු කරයි (VIDEO)

හිරුණිකා මැතිසබේ ප්‍රකාශය යළි තහවුරු කරයි (VIDEO)

පසුගියදා පාර්ලිමේන්තුවේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ වැය ශිර්ෂය විවාදයට ගත් අවස්ථාවේදී අනාවරණය කළ තොරතුරු සියල්ල සත්‍ය බවත් එය දැඩි වගකීමකින් යුතුව කළ ප්‍රකාශයක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව කියාසිටියේ ඊයේ (08) පස්වරුවේ පැමිණිල්ලක් සිදුකිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය," පසුගියදා පාර්ලිමේන්තුවේදී මම විශාල තොරතුරු වගයක් අනාවරණය කළා. ඒ තොරතුරු සියල්ලක්ම සත්‍යයයි. ඒවා සම්බන්ධ ලිපි ලේඛන සියල්ලක්ම මගේ අතේ තියෙනවා." යනුවෙන් කියාසිටියාය.

මේ සම්බන්ධයෙන් නිවැරදිව පරීක්ෂණ කටයුතු සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එනු ඇති බව තමන් අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment