විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.


අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ඊයේ (15 දා) පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සහ එම පක්‍ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම ඉතා විශේෂිත වනු ඇතැයිද එහිදී එජාප පසු පෙළ සාමාජිකයින් විසින් විජයදාස රාජපක්‍ෂ මහතාට අධිකරණ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හෝ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධව කර ඇති ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නා ලෙස බල කරනු ඇතැයිද එම ඇමැතිවරයා කීය.

අධිකරණ ඇමැතිවරයා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම සම්බන්ධව කැබිනට්‌ මණ්‌ඩල තීරණයට එකඟ වී පසුව පිටතදී එම තීරණයට විරුද්ධ මතයක්‌ ප්‍රකාශ කිරීම මඟින් කැබිනට්‌ මණ්‌ඩල සාමූහික වගකීම පැහැර හැර ඇතැයි බහුතර මතය වී තිබෙන බවද හෙතෙම පැවසීය.

තමන් අධිකරණ ඇමැති ධුරයෙහි සිටින තෙක්‌ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ නොගන්නා බවට විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයද එජාපයේ දැඩි දොaෂදර්ශනයට ලක්‌ව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget