වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශි‍්‍රත ප‍්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 18 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප‍්‍රහාරයට ලක් ව මිනිසුන් 9 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඞීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතී. එපමණක් නොව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප‍්‍රදේශ වල අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් ස`දහා ඔහුගේ ආධාරකරුවන්ට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබේ. මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා ම ඔවුන් විසින් මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩප‍්‍රස්ථාව ලබා නොදේ.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සිතියම |
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් නීති විරෝධී ව සමාගම් අත්පත් කර ගැනීම |
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර විනාශ කර ඉදි කරණ අධිවේගී මාර්ගය |
මේ රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව - තනමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප‍්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එකල විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි - මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු ස`දහා යොදා ගැනීමයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම් |
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධී ව පවත්වාගෙන යන වගා බිම් |
මෙයට අමතර ව හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානියකු වන ඔලිවර් රණසිංහ මහතා විසින් විවිධ පුද්ගලයින් ඉදිරිපත් කර වනාන්තර හෙක්ටයාර 60 ක් සූර්යය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා මහවැලි අධිකාරියෙන් ඉඩම් නිදහස් කර ගෙන තිබේ. එම ඉඩම් අතුරින් හෙක්ටයාර 40 ක් සෙනොක් ආයතනයට සූර්යය බලාගාර ඉදිකිරීමට නීති විරෝධීව පවරා තිබේ. සාගර් සෝලා බලාගාරයට යාබදව බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර හෙක්ටයාර 20 ක භූමියක් ඉවත් කර ඔලිවර් රණසිංහ මහතා විසින් සූර්යය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සිදු කර ඇත. මේ සියල්ල ම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ව සිදු කර තිබේ.
එ් අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී තිබේ. මේ නිසා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි - ඇතුන්ට අහිමි වී ගැටලූ ගණනාවකට අලි - ඇතුන්ට හා එ් අවට ජනතාවට මුහුණ දීමට සිදු ව ඇත.
නීති විරෝධී වගා බිම් වලට හානිකර ලෙස ජලය ලබා ගෙන ඇති ආකාරය |
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යන ස්ථාන ගණනාවක් වේ. එනම් හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප‍්‍රදේශ වල ය. මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලූත් වැව, කඩවර වැව, බ`දගිරිය වැව, මහ අලූත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප‍්‍රදේශ වල ය.
මයුරපුර හා නාගර වැව ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීම ස`දහා ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ හානිකර ලෙස පවත්වාගෙන යන ගල් වලවල් |
මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අපේ‍්‍රල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප‍්‍රදේශය වශයෙන් විශාල භූමි ප‍්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප‍්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශ කර ඉදි කරණ සූර්යය බලශක්ති බලාගාර |
වලව වම් ඉවුරු ප‍්‍රදේශය සංවර්ධනයේ දී මෙන්ම පසුගිය රජයේ හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව තවමත් අවතැන්ව සිටී. වැව් හා ජලාශ වල පමණක් නොව මව් ආර හා මලල ආර පෝෂණය කරන බොහෝ වනාන්තර ප‍්‍රදේශ මේ වන විට සංවර්ධනයේ නාමයෙන් අහිමි වෙමින් තිබේ.
මහවැලි අධිකාරියට වන සතුන්ගේ වාසස්ථාන වල හෝ ජල පෝෂක වනාන්තර වල වැදගත්කම පිළිබඳව කිසිදු හැ`ගීමක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙම වනාන්තර විවිධ සමාගම් වලට හෝ පුද්ගලයින්ට බදු දීමට ය. 1981 ගැසට් නිවේදනය මඟින් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එම සමස්ත ප‍්‍රදේශය ම සංවර්ධනය කර විනාශ කිරීමට යැයි මහවැලි අධිකාරියේ නිලධාරීහූ විශ්වාස කරති. නමුත් වලව බල ප‍්‍රදේශය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධනය සඳහා පමණක් නොව වනාන්තර පරිසර පද්ධති නිසි පරිදි ආරක්ෂා කරමින් සමස්ත ව්‍යාපෘතියේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට ය.
අද සිදු වන වේගයෙන් මහවැලි අධිකාරිය මේ ප‍්‍රදේශයේ ඉතිරි වී තිබෙන වනාන්තර සංවර්ධනය සඳහා යොදා ගතහොත් ඉදිරියේ දී අලි - මිනිස් ගැටුම උග‍්‍ර වීම හා ජල අර්බුද උග‍්‍ර වීම වලක්වා ගත නොහැකි වන අතර වලව සංවර්ධන ව්‍යාපෘතිය ද කෙටි කලකින් බිඳ වැටීම සිදු වනු ඇත. මේ පිළිබඳව නොසිතන නිලධාරීන් මහවැලි අධිකාරියේ සිටීම කනගාටුවට කරුණකි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර පද්ධති ගණනාවක් පිහිටා තිබේ. එම වනාන්තර සියල්ලම පසුගිය කාලය මුළුල්ලේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කරන ලදී. නමුත් අද වන විට එම වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමට, බොරලූ හා කළු ගල් ලබා ගැනීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට එම අධිකාරියෙන් ලබා දීම සිදු කරයි. මහවැලි අධිකාරියට අවශ්‍ය වන්නේ මුදල් ඉපයීම පමණි. ඔවුන් වන සතුන්ගේ පැවැත්ම හෝ ජල පෝෂක වල පැවැත්ම පිළිබදව කිසිදු අවබෝධයක් හෝ එ් පිළිබඳව සිතා බැලීමක් හෝ සිදු නොකරයි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය එ් අතුරින් ප‍්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි අර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශි‍්‍රත ප‍්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි - ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප‍්‍රදේශ වේ.
මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. එ් අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප‍්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශි‍්‍රත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප‍්‍රදේශයේ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප‍්‍රදේශ සියල්ල ම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත.
මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප‍්‍රදේශ ගණනාවක් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න - බ`දගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල - සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම - කොහොලංකල අවශේෂ කැලය එ් අතර ප‍්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ.
පසුගිය රජය පැවති සමයේ දී කැලිගම - කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප‍්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි - ඇතුන්ගේ සාම්ප‍්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලූ බොහොමයක් උද්ගත විය හැකි ය.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ නීති විරෝධීව පස් කැණීම් කරන ආකාරය |
මේ සියල්ලේ ම ප‍්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලූක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප‍්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි - ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.
මේ ප‍්‍රදේශයේ අලි මරණ හා අලි ප‍්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි - ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.
මේ වන විනාශයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අලි - මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප‍්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග‍්‍ර නියං තත්ත්වයට හා ඒ සම`ග ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි.
අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ‍්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ‍්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප‍්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප‍්‍රදේශයේ අලි - ඇතුන් විශාල ප‍්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලූ සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය.
අද වන විට යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය පුළුල් කිරීම සිදු කෙරෙමින් පවතී. මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් වේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි - ඇතුන් සම`ග ම හුදකලා වීම සිදු වේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් අවධානය යොමු නොකිරීමෙන් සිදුවන්නේ අවට ජනතාව අලි - මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වලින් සමන්විත වුව ද බොහෝ ඉඩම් අද වන විට දේශපාලන බලය හා නිලධාරීන් මුදලට යට වීම මත මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර විවිධ ව්‍යාපෘති ස`දහා භාවිතා කිරීමට සමාගම් වලට හා විවිධ පුද්ගලයින්ට ලබා දේ. මහවැලි අධිකාරිය වනාන්තර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා විවිධ සංවර්ධන කටයුතු ස`දහා ලබා දීම අඛණ්ඩව සිදු කරන නමුත් මෙම ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම ස`දහා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ ලබා නොදේ. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම ස`දහා අනුමැතිය ලබා දෙන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි.
හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට ප‍්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වන අලි - ඇතුන්ට රැුකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හො`ඩවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බ`දගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් ව තිබේ.
ගුවන්තොටුපොළ, වරාය, ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාව ඇතුළු හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු ස`දහා අක්කර 15000 ක ට අධික වනාන්තර ප‍්‍රමාණයක් එළි කිරීම හේතුවෙන් හා යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහ පරිමාණයෙන් සිදු වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අවතැන් වී ඇත්තේ අලි - ඇතුන් පමණක් නොවේ. ගව පාලනයේ නිරත පුද්ගලයින් ගේ එළ හා මී ගවයින් 30000 ක ට වැඩි ප‍්‍රමාණයකගේ ආහාර බිම් අහිමි වී ඇත. මේ නිසා මෙම සතුන් ව මාදුරුඔය, ගල් ඔය, කොටියාගල, සියඹලාණ්ඩුව, අම්පාර, පදියතලාව ආදී ප‍්‍රදේශ වල රක්ෂිත වනාන්තර වලට යොමු කර තිබේ. මේ නිසා ද තවත් ආකාරයක ගැටුම් වර්ධනය වී තිබේ.
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව ඒ ස`දහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියලූ සංවර්ධන කටයුතු මේ නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් සිදු කෙරේ.
2006 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ ‘‘වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියට’’ අනුව අලි කළමනාකරණ රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීම තුළින් අලි - ඇතුන් ස්ථානීයව සංරක්ෂණය කිරීම පිළිබ`ද ව ප‍්‍රධාන අවධානය යොමු කර තිබේ. ඒ ස`දහා එම සතුන් ගේ වාසස්ථාන ආරක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය. ඒ අනුව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කළ හැකි ය. නමුත් තවමත් ඒ ස`දහා නිසි යොමුවක් ලබා දී නොමැත.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්’’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැකගැනීම කොටසෙහි වන අලි තර්ජන කළමනාකරණය ස`දහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවට ජනතාවට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිතුමන් අද වන තුරු එවැනි වැඩපිළිවෙළක් සකස් කර නොමැත. හම්බන්තොට වන අලි කළමනාකරණය ස`දහා ඉදිරිපත් කළ සැලැසුම ද මේ වන තුරුත් නිසි පරිදි කි‍්‍රයාවට නංවා නැත. ඒ වෙනුවට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස අවතැන් වූ අලි - ඇතුන් පිටරටවලට විකිණීමට කි‍්‍රයා කළ යුතු බවට ප‍්‍රකාශ නිකුත් කරමින් සිටී.
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලිය’’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද අලි - මිනිස් ගැටුම විස`දීමට ගනු ලබන පියවරයන් දක්වා තිබේ. නමුත් ඒ ස`දහා කිසිදු ප‍්‍රවේශයක් මේ දක්වා ගෙන නොමැති වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව මෙන්ම අලි - මිනිස් ගැටුම වර්ධනය වන කි‍්‍රයාමාර්ග රැුසක් ගනිමින් සිටී. ඒ අතර යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් නොකර එම වනාන්තර බිම් සංවර්ධනයට, වාණිජ වගාවන් ව්‍යප්ත කිරීමට හා ජනාවාස ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අතර තවත් විශාල භූමි ප‍්‍රදේශයක් චීන සමාගම් වලට කර්මාන්ත ස්ථාපිත කිරීමට ලබා දීමට සූදානම් වේ.
ආණ්ඩු බලය හිමි කණ්ඩායම් මෙලෙස ගන්නා වැරදි තීන්දු තීරණ හේතුවෙන් අසරණ වන්නේ සුළු ගොවීන් හා අලි - ඇත් පරපුරයි. අවසානයේ දී මේ කණ්ඩායම් දෙක දැවැන්ත ගැටුමකට මුහුණ දී දුබලයා පරාජයට පත් වන අතර වගා බිම් ද විනාශ වී යයි. නමුත් කිසිදු අවස්ථාවක ගොවීන් මෙම හානිකර සැලැසුම් වලට එරෙහිව කි‍්‍රයාත්මක නොවේ. කි‍්‍රයාත්මක වන්නේ තම වගා බිමට පැමිණෙන අලි - ඇතුන් මරා දැමීමට පමණි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ම`ගින් රක්ෂිත ප‍්‍රදේශ කිහිපයක් ජාලගත කිරීම සිදු වන අතර ම ජල පෝෂක බිම් කිහිපයක් ම සුරක්ෂිත කෙරේ. මේ තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලූගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බ`දගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලූණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලූත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලූත් වැව ඒ අතර වේ. මේ අතුරින් බ`දගිරිය වැව විශාලත ම වැව වේ.
මීට අමතර ව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප‍්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි.
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අලි - ඇතුන්ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ල`දු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලූ පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප‍්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශි‍්‍රත නේවාසික පක්ෂීන් බහුතරයකගේ වාසස්ථාන වන මෙම ප‍්‍රදේශය සංක‍්‍රමණික තෙත් බිම් පක්ෂීන්ගේ ද ප‍්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප‍්‍රදේශය තුළ පුරා විද්‍යාත්මකව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ.
මේ නිසා අප විශේෂයෙන් අවධාරණය කර සිටින්නේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය කඩිනමින් ප‍්‍රකාශයට පත් කර හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධනය හේතුවෙන් අවතැන් වී ඇති අලි - ඇතුන් ගේ හා ඒ අවට ජනතාවගේ රැුකවරණය තහවුරු කරණ ලෙස ය. එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි - ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛණ්ඩනය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කළ යුතු ය. ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතු වලට අදාළ ව නිසි ඇගයීමක් සිදු කර හුදකලා වී ඇති හා ඛණ්ඩනය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි - ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැකවරණය හා ජල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු ව ඇත.
-සජීව චාමිකර (ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය)
0 comments :
Post a Comment