ජාලිය වික්‍රමසූරිය අල්ලන්න වරෙන්තු

ජාලිය වික්‍රමසූරිය අල්ලන්න වරෙන්තු

 

එම සැකකරුගේ ඇපකරුවන් 4 දෙනාටද අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නොතීසි නිකුත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටියදී ගොඩනැඟිල්ලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් 132,000ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් ජාලිය වික්‍රමසූරියව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු අතර පසුව ඔහු ඇප මත නිදහස් කරන ලදී. ඉන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අධිකරණයේ අවසර ඇතිව ඔහු විදෙස් ගත වූ නමුත් නියමිත දිනයේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment