සිනමා, ටෙලි, සංගීත බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ජනපති අතට

සිනමා, ටෙලි, සංගීත බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ජනපති අතට

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ දේශීය සිනමා, ටෙලි නාට්‍ය සහ සංගීත ක්ෂේත‍්‍රයේ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තා ත‍්‍රිත්වය ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම කමිටු වාර්තාවල නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප‍්‍රධානීන් නිසි ලෙස සිය වගකීම් ඉටුකරන ඇති බව තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම මේ පිළිබඳ වගකීම් දරන සියලුදෙනා සති දෙකකට වරක් රැස්වී මෙම නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ කටයුතු සොයා බැලීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ අද සම්පේ‍්‍රෂණ සංඛ්‍යාත මේ රටේ එක්තරා ව්‍යාපාරික සහ දේශපාලන සූදුවක් බවට පත්ව තිබෙන බවයි. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මෙන්ම මෙම සංඛ්‍යාත ලබා ගන්නා පිරිස් සහ දේශපාලන ක්ෂේත‍්‍රයේ කටයුතු කරන පිරිස් ද මේ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය ප‍්‍රමුඛ ප‍්‍රවීණ කලාකරුවන් පිරිසක් විසින් දේශීය ටෙලිනාට්‍ය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර ජනාධිපතිවරයා එය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාර දුන්නේය. දේශීය සිනමාව නගාසිටුවීම පිළිබඳ කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූයේ චිත‍්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා විසිනි.

අනතුරුව ජනාධිපතිවරයා විසින් එම කෙටුම්පත රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දෙනු ලැබීය.

සංගීත ක්ෂේත‍්‍රයේ ගීත රචකයින්, සංගීතඥන්, ගායක ගායිකාවන් සඳහා වූ කර්තෘ භාගය සම්බන්ධ බුද්ධිමය අයිතිය පිළිබඳ කමිටු වාර්තාව කමිටු සභාපති ජනාධිපති අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිවරයා එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා වෙත භාර දුන්නේය

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, රංජන් රාමනායක යන මහත්වරු සහ කලා ක්ෂේත‍්‍රයේ ප්‍රවීණයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

kamitu warthawa 1

kamitu warthawa 2

kamitu warthawa 3

kamitu warthawa 4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment