ඩිලාන්ගේ උපන්දින පාටිය ලන්ඩනයේ සයිවර් කඩේක?
තමන් ඇතුළු කිහිප දෙනෙකු එංගලන්තයේදී සාද දමා විනෝද වූ බවට සමාජ ජාලාවන්හි පින්තූර පල වුවත් එම ස්ථානය සයිවර් කඩයක් බවත් ඩිලාන් පෙරේරා මහතාගේ උපන් දිනයට එහිදී කපන ලද්දේ ස්පන්චි කේක් එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව කිවුවම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යයිද ඔහු කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
16 කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ උපන්දිනය පසුගිය 19 දා දී තිබු අතර ඔහුට සුබ පැතීම සඳහා පසුගිය දිනවල කතාබහට ලක්වූ තරුණියක් ද එක්ව සිටි ජායාරූපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම නිසා මෙම උපන්දින සාදයට පුළුල් ප්‍රචාරයක් ලැබී තිබිණ.
0 comments :
Post a Comment