නාමල් කුමාරගේ පටලැවිල්ල අතරේ ඉන්දියානු ජාතිකයාට නාමල් විමල් ශෂී කෝල් කරපුදේ ගැන පරීක්ෂණ

https://www.gossiplankanews.com/2019/01/namal-wimal-sashi-namal-kumara-case.html#more
නාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ඉන්දියානු ජාතිකයා සමඟ
කළ සංවාදයන් ගැන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් මේ සතියේ තම දෙපාර්තමේන්තුවට කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
මෙම සිද්ධියේ පළමු සැකකරු වන ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් නමැත්තා විමල් ශෂී හා නාමල් පවත්වා ඇති සංවාද සම්බන්ධයෙන් සැක පැනනැගී ඇත.
ජාතික මර්සියෙල් තෝම්ස් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන දෙදෙනාම මේ වනවිට බන්ධනාගාරගතව සිටී.
 අධිකරණයෙන් ලබා ගත් නියෝගයන් නාමල් කුමාර යන අය පොලිස්පතිවරයා සමග සිදුකළ දුරකතන සංවාද සම්බන්ධයෙන් වූ හඩ පට රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකරනු ලැබූ අතර,

 පොලිස්පතිවරයාගේ හඬ සාම්පල් ලබා ගැනීම ඉකුත් 14 වැනිදා රජයේ රස පරීක්ෂාකරයා
හමුවේදි සිදුකරනු ලැබීය. ඉකුත් වියර් සැප්තැම්බර් මස 11 වැනිදා සිට මේ වසරේ ජනවාරි මස 4 වැනිදා දක්වා මෙම නඩුවේ පැමිණිලිකරු වන නාමල් කුමාර විවිධ මාධ්‍ය මගින් මාධ්‍ය හමු පවත්වා සිදුකරන ලද ප්‍රකාශ අධිකරණ නියෝග මත කැඳවා තිබෙන අතර ඔහුට තවදුරටත් ප්‍රකාශ එළිදැක්වීමේ අවස්ථාව අධිකරණය මගින් මේ වනවිට අවහිර කර තිබේ.

ඊයේ නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ නාමල් කුමාර යුද හමුදාටත් ගුන් හමුදාවටත් තවත් පෞද්ගලික ආයතනයකටත් ව්‍යාජ සහතික ඉදිරීපත් කර ඇති බව ය. නාමල් කුමාර කියන පුද්ගලයාත් මේ ඝාතන කුමන්ත්‍රණයට දායක වි ඇති බවද මේ තැනැත්තා අත්අඩංගුවට නොගන්නේ ඇයිදැය් ඔහු ප්‍රශ්න කළේය.
 ඉන්දියානු ජාතිකයා සමඟ විමල් ශෂී හා නාමල් සිදු කළ සංවාද කවර කරුනක් අරභයා සිදුවූයේද යන්න හඩ පටි මගින් අනාවරණයවී ඇති අතර ඉදිරියේදී ඒ ගැන හෙළිදරව් කෙරෙනු ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget