රටපුරා මිනී මරණ පාතාල කල්ලි 15 මෙන්න

රටපුරා දරුණු ගණයේ පාතාල කණ්‌ඩායම් 15 ක්‌ පමණ සක්‍රීය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කොළඹ පාතාලයේ ප්‍රබල කණ්‌ඩායම් දෙකක්‌ වන දෙමටගොඩ චමින්දගේ සහ බ්ලුමෙන්ඩල් සංඛගේ  කල්ලි දෙක අතර දරුණු සටනක්‌ මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

ඒ අතර සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ අලුත්ම පාතාල කල්ලියක්‌ සිය ප්‍රතිවාදීන් ඝාතනයට පටන් ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මිනුවන්ගොඩ, ගම්පහ, කටුනායක සහ මීගමුව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන තවත් පාතාල කල්ලි දෙකක්‌ මේ වන විට  තම අපරාධ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා.

දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගෙන තවත් දරුණු ගණයේ පාතාල කල්ලි නවයක්‌ ක්‍රියාත්මක වී සිටින බවයි පැවසෙන්නේ.

කඹුරුපිටියේ මධුෂ්, දෙවිනුවර චමිල්, රත්ගම පොඩි සුජී, බැදිගම උක්‌කුවාගේ කල්ලිය, ගාල්ලේ මනෝඡ් මෙන්ඩිස්‌ගේ ගෝලයන්ගෙන් සැදුම් ලත් කල්ලිය,පොඩි ලැසීගේ  කල්ලිය සහ වීරකැටියේ ඔක්‌ස්‌ෆර්ඩ් රත්නායකගේ කණ්‌ඩායම මේ වන විට සක්‍රීය වී සිටින තවත් පාතාල කල්ලි බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment