මිනිස් ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයා ඇතුළට


ශ්‍රී ලාංකික මිනිස් ජාවාරම්කරුවෙකුට ඉන්දුනීසියානු අධිකරණය මගින් ඊයේ (05)  වසර පහමාරක සිරදඬුවමක් නියම කළා.

විශ්වනාදන් තිනේෂ්කුමාර් හෙවත් කූගන් නමැති මොහු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනෙකු නවසීලන්තයට රැගෙන යාමට පසුගිය වසරේ මැයි මාසයේදී දැරූ උත්සාහය අසාර්ථක වුණා.

ඒ  ඕස්ට්‍රේලියානු බලධාරින් ඉන්දුනීසියාවේ සිට පැමිණි එම සංක්‍රමණික යාත්‍රාව ආපසු හරවා යැවීම හේතුවෙන්.

ඒ සඳහා  ඕස්ට්‍රේලියානු රජය ඩොලර් 32,000 ක් යාත්‍රිකයන්ට ගෙවා ඇති බව සඳහන්.

ඉන්දුනීසියානු ධීවරයන් පස් දෙනෙකු තමන්ට එම මුදල හිමිවූ බව ප්‍රකාශ කළා.

කූගන් අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ ජූලි මාසයේදීයි.

ඔහු ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය සංක්‍රමණිකයන්  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත රැගෙන යාමේ ජාවාරමක නිරත වූ බව සඳහන්.

ඔහු ද  ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන සංක්‍රමණිකයෙකු බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් වුණා.

එහෙත්, මිනිස් ජාවාරමේ මහමොළකරුවෙකු ලෙස ඔහුට සිරදඬුවම් නියම කිරීමටයි අධිකරණය තීරණය කළේ.

මේ අතර, නීතිවිරෝධී ලෙස  ඕස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයන් 17 දෙනෙකු ගාල්ල මුහුදේදී නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගත්තා.

ගාලූ වරායට සැතපුම් 40ක් පමණ දකුණින් වූ මුහුදේදී අත්අඩංගුවට ගත් පිරිස අතර, කුඩා දරුවන් 04 දෙනෙකු සහ කාන්තාවකද සිටිනවා.

මෙම පිරිස මීගමුවෙන් මුහුදු ගමන ආරම්භ කර ඇති බවයි වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment