තුන්වෙනි වතාවෙදි ජනතාව රැවටෙන්නෙ නැහැ

2016 අයවැය ඉදිරිපත් කරන විටත් හෙළි වී නොතිබුණු මහා පරිමාණ ණයක් මෑතකදි හෙළි වූ බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05) ප‍්‍රතිචාර දැක්වුවා.

රවී කරුණානායක මහතා පැවසුවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව සමයේ මෙම ණය ලබාගෙන ඇති බවයි. එය ගෙවීම මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට අනුමත කළ නොහැකි බවද ඒ නිසා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද ඔහු කියාසිටියා. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ප‍්‍රතිචාර දැක්වුයේ මහනුවර නුගවෙල ප‍්‍රදේශයේ ඊයේ පැවැත්වූ ජනහමුවකදීයි. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ " මේ රජය හැමදේටම පෙන්නනවා අන්න මහින්ද රාජපක්ෂ ගත්ත දේ. අතන තමයි මහින්ද රාජපක්ෂ ගත්තෙ... අපිට මේක කරන්න බැරි මහින්ද රාජපක්ෂ නිසා කියලා. එක පාරක් බොරු කියයි.. දෙපාරක් බොරු කියයි.. තුන් වතාවක් බොරු කියද්දි මිනිස්සු රැවටෙයි කියලා මම හිතන්නෙ නැහැ." යනුවෙනි. 

ආණ්ඩුව තවදුරටත් ජනතාව මුලා නොකර ජනතා අපේක්‍ෂා ඉටුකල යුතු බවද මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කියාසිටියා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment