වැලිකඩ කාන්තාව අතුරුදහන් - පොලිසිය කොළඹ පීරයි

වැලිකඩ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී පසුගිය තුන්වන දින දහවල් වෙඩි තබා ඝාතනය කරන ලද ධනුෂ්ක හර්ෂ  සමග නිවසේ සිටි කාන්තාව අතුරුදන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කඹුරුපිටිය නන්දන උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ධනුෂ්ක හර්ෂ මෙම කාන්තාව සමග සමීප සම්බන්ධයක් පවත්වා ඇති අතර වෙඩි තැබීම වන විට මෙම කාන්තාව ද එම නිවසේ සිට තිබෙනවා.

ඔහුව ඝාතනය කළ දිනට පසු දින(04)සිට මෙම කාන්තාව අතුරුදන්ව ඇති අතර ඇයව සෙවීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ධනුෂ්ක හර්ෂ බන්ධනාගාරයේ සිටිය දී මත්කුඩු සම්බන්ධයෙන් වූ වරදකට  බන්ධනාගාරගතව සිටින කාන්තාවක මාර්ගයෙන් මෙම කාන්තාව හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.


(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment