කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කිරීමට සැරසෙයි

කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන්කොට පරිවාස භාරයට පත් කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දරුවාගේ මවටද එච්.අයි.වී. වෛරසය ආසාධනය වි ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා තමන්ට දැනුම් දී ඇති බවයි. 

එම නිසා දරුවාගේ අනාගතය පිළිබද සිතා ඔහුව පරිවාස භාරයට පත් කළ යුතු බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ.

කෙසේවෙතත් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ  පුද්ගලයෙකුගෙන් එය තවත් අයෙකුට ආසාදනය වීමට නම් රුධිර පාරවිලනයක් සිදුවිය යුතු බවයි. ලිංගිකව එක්වීමේදී ද එච්.අයි.වි. වෛරසය ආසාදනයවීම සිදුවනවා. 

මේ අතර මෙම දරුවාට පාසලක් ලබාදෙන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොරොන්දුවක් ලබාදී තිබෙනවා. ඊයේ (05) පෙරවරුවේ මෙම දරුවා සහ ඔහුගේ මව  හමුවීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කුලියාපිටියට ගොස් තිබූ අතර ජනාධිපතිවරයාද එහිදි දරුවාගේ මවට දුරකතනයෙන් කතා කළා. 

දරුවාට පාසලක් ලබාදෙන බවට ඇතැම් අය ප‍්‍රකාශ කළත් කිසිවෙකු ඒ බව තවමත් තහවුරු කර නැතැයි දරුවාගේ මව ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කර තිබෙනවා. දරුවාට පාසලක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත්තේ ඒ අනුවයි. එමෙන්ම දරුවාට හෝ මවට කිසිදු හිරිහැරයක් වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment