තහනම් දැලෙන් මසුන් මැරූ ධීවරයින් 21 ක් දැලේ

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් තහනම් දැල් භාවිතා කර ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරින් සහ ධීවර පරීක්ෂක නිලධාරින් එක්ව ඊයේ මෙම මෙහෙයුම දියත් කළ බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී තහනම් දැල් ආම්පන්න සමඟ බෝ්ට්ටු 5 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් මේ මස 28 වැනිදා කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment