කුමාර් 24 තෙක් යළි රිමාන්ඩ්



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ලබන 24 දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(14) අදාළ නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය කැදවූ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.

අද දිනයේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් සාක්ෂි විමසන ලද අතර අදින් පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව මාර්තු 24 වන දින සිට විත්තියේ සාක්ෂි කැදවීමට තීරණය වී තිබේ.

සංචාරක වීසාවකින් ලංකාවට පැමිණ ආගමන විගමන නීතිය උල්ලංඝණය කරමින් කල් ඉකුත්වූ වීසා බලපත්‍රයකින් තවදුරටත් ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ලද චෝදනා මත කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට පත්ව මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment