විදුලිය අරපරිස්සමින් භාවිත කරන්න - ලං.වි.ම. කියයි


විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි එම්.සී වික්‍රමසේකර මහතා අද දෙරණට ප්‍රකාශ කළේ අක්‍රිය වී ඇති නොරොච්චෝලේ ලක් විජය බලාගාරය යළි සක්‍රීය කිරිමට දින 02ක පමණ කාලයක් ගත වන බැවින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 700ක පමණ විදුලි ධාරිතාවක් නොලැබෙන බවයි.

මේ හේතුවෙන් විටින් විට දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි අත්හිටුවීම් සිදු විය හැකි බව සාමාන්‍යාධීකාරිවරයා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment