අතුරුදන්වූවන්ගේ කොමිසම තවත් සාක්ෂි විමසයි

අතුරුදන්වූවන්ගේ කොමිසම තවත් සාක්ෂි විමසයිතවත් දිස්ත්‍රික්ක තුනක වාචික සාක්ෂි විමසීමට අතුරුදන්වූවන්ගේ කොමිසම  තීරණය කර තිබේ.

ඒ අනුව වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල අදාළ සාක්ෂි විමසීම් කටයුතු සිදු කරන බව එම කොමිසම සඳහන් කළේය.

මෙම මස 25 වන දින සිට 30 වන දින දක්වා අදාළ වාචික සාක්ෂි විමසීම් සිදු කෙරෙන බව සඳහන්ය.

මේ පිළිබඳව මූලික කටයුතු සම්පාදනය කිරීම සඳහා හෙට(12) දිනයේ අතුරුදන්වූවන්ගේ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශවල සංචාරයක නිරතවීමට ද සැළසුම් කර ඇති බව එම කොමිස සඳහන් කරයි.

ඒ අනුව මෙම දිස්ත්‍රික්ක තුනේ වාචික සාක්ෂි විමසීමෙන් අනතුරුව දිස්ත්‍රික්ක 05ක වාචික සාක්ෂි විමසීම් අවසන් කරන බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය.

මෙම දිස්ත්‍රික්කවල යළිත් කිසිදු අවස්ථාවක වාචික සාක්ෂි විමසීම් සිදු නොකරන අතර අදාළ දිනයන්වලදී පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස එම කොමිසම ඉල්ලීමක් කරයි.

එමෙන්ම යාපනය  දිස්ත්‍රික්කයේ වාචික සාක්ෂි විමසීම පසුගියදා අවසන් කෙරුණි.

ඒ අනුව විමර්ශන කණ්ඩායම් අදාළ ප්‍රදේශයේ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර අවසන් දිස්ත්‍රික්ක 03 වන කිලිනොච්චිය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වාචික සාක්ෂි විමසීම මැයි සහ ජුනි මාසවලදී සිදු කරයි. 




 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment