ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී සන්ධානයේ විධායක සභා රැස්වීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව මහලේකම්වරයෙකු පත්කිරීම ඇතුළු පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතය.
පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වී නොමැති අතර සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට මේ සඳහා ආරාධනා කර ඇති බව ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment