නිදහස් චතුරස්‍ර සිද්ධියේ ආරක්ෂකයින් සේවයින් ඉවත්කළ කතාවේ ඇත්ත නැත්ත

සමාජජාල වෙබ් අඩවි ඔස්සේ පසුගියදා හුවමාරු වූ නිදහස් චතුරස්‍රයේ පෙම්යුවලකගේ සිද්ධියේ වීඩියෝවේ සිටින ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සේවයෙන් ඉවත් කළ බවට පැවසෙන කතාවේ සත්‍යතාවක් නොමැති බවට වාර්තා වෙනවා.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව ඔවුන් සේවය කළ ආරක්ෂක සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ පමණක් සේවය අත්හිටුවා ඇති බවටයි ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙන්නේ

මේ අතර අදලා ආරක්ෂක සමාගම සමඟ රජය විසින් අත්සන් කොට ඇති ගිවිසුම අහෝසි කිරීමට ද කටයුතු කර ඇති බවටද මේ වන විට තොරතුරු වාර්ත වෙනවා

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමක් කර නැති බවයි.

මේ අතර සිද්ධියට මැදිවූ ඔවුන් දෙදෙනා වෙනත් ස්ථානයක සේවයේ යොදවන්නටද කටයුතු කරමින් ඇති බවට වාර්තා වෙනවා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment