කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් නොකරන්නැයි ඉල්ලීම්

අනියත රෝග බියක් හේතුවෙන් කුලියාපිටිය ප‍්‍රදේශයේ දරුවෙකුට පාසලක් අහිමි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ දරුවාගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් භාරකරුගේ කැමැත්ත මත සුදුසු කි‍්‍රයාමාර්ගයක් ගැනීම රජයේ වගකීමක් වන බව එමගින් පෙන්වා දෙනවා.

දෙමව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙම කරුණ පිළිබඳ කි‍්‍රයාත්මක වීමේදී කිසිසේත් අදාළ නොවන බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ දරුවාගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් උද්ගත වී නැති බවද එහි සඳහන්. එමෙන්ම කිසියම් දරුවෙකු ආයතනගත කිරීම අවසාන විකල්පය මිස පළමු විකල්පය නොවන බවද එමගින් අවධාරණය කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment