ගම්මන්පිලගේ චෝදනාවකට හෙළ උරුමයෙන් උත්තර

රිය අනතුරක් සිදුකර පලා ගිය බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එල්ල වන චෝදනාවලට ජාතික හෙළ උරුමය අද (07) පිළිතුරු ලබාදුන්නා.

දේශපාලනික වෛරයන් පිරිමසා ගැනීමේ අරමුණින් චම්පික රණවක අමාත්‍යවරයා ඉලක්ක කර අභූත චෝදනා එල්ල කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එම වීඩියෝව පහතින් බලන්න
උදය ගම්මන්පිල මහතා නැගූ චෝදනාවලට අද පැවති මාධ්‍ය හමුවේදී බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා. 

"මැප් ඇඳලා , කොහොමද ජීප් රථය ධාවනය වුණේ, යතුරුපැදිය කොහොමද ආවේ, ඇවිල්ල හැපුනේ කොහොමද , මේ සියල්ල ගම්මන්පිල මහත්තයා තමයි අද පරික්ෂණය කරන්නේ. ගම්මන්පිල මහත්තයයි ටිරාන් අලස් මහත්තයගෙයි මෙහෙයුම් මැදිරියේ තමයි අද ඔක්කොම චම්පික ඇමතිතුමාට විරුද්ධ නඩුව විභාග කරන්නෙ, පරික්ෂණ පවත්වන්නේ ඒ ඔක්කොම කරන්නේ. අපි දන්නවා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද , ඒ අය අද එකතුවෙලා ඉන්නේ කවුරු එක්කද, මොකද රාඩා ආයතනය සම්බන්ධයෙන් පැමිණිල්ල කලේ මම. මට එලව එලව පහරදෙනවා".

ජාතික හෙළ උරුමයේ නීති මණ්ඩල සාමාජික නීතිඥ ටියුඩර් පෙරේරා මහතා මෙහිදී කියා සිටියේ අමාත්‍යවරයාට එරෙහිව සාක්ෂි ලබාදුන් දෙදෙනා පසුව ඒවා වෙනස් කර ඇති බවයි.

neth fm
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment