ලංකාවේ සිටි ප්‍රවීණ නළුවෙක් තමයි අජිත් ජිනදාස. අජිත් පසුගිය දිනවල ලංකාවට පැමිණ සිටියා. (මෙය පළ වන විට ඔහු නැවත කැනඩාවට ගොස් ඇත.) ඔහු හැමදාමත් වගේ ලංකාවට පැමිණි පසු කොළඹ සිටින හිත මිතුරන්ගේ ඥාතීන්ගේ ගෙවල්වලට යන්න අමතක කරන්නේ නැහැ. නමුත් මෙදා පාර ලංකාවට ඇවිත් ඔහු කිසිම කෙනෙකුගේ ගෙදරකට ගියේ නැහැ. එයට හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඔහු අපිට කිව්වා.
මම ලංකාවට එන්නේ කාලෙකට පස්සේ. ඉතින් මම මගේ හිත මිතුරන් බලන්න ඒ ආපුවහම තෑගි බෝගත් රැගෙන යනවා. ඒත් මෙදා සැරේ නම් කොහෙවත්ම ගියෙ නැහැ. ඒකට හේතුව තමයි කොළඹ තියෙන වාහන තදබදය. මම යළුවන් හැමදෙනාටම මගේ නිවෙසට ආරාධනා කළා. ඔවුනට හොඳින් සැලකුවා. විනෝද වුණා. මම එක එක්කෙනාගෙ ගෙදර යන්න ගියානම් මගේ කාලෙ මහමඟටම ගෙවී යනවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

0 comments :
Post a Comment