දෙමටගොඩ චමින්දට 'පිරිත් නූල් බැඳීමේ' හෙළිනොවූ කතාව මෙන්න

බන්ධනාගාරගත වූ අවස්ථාවේ තමන්ට සෙරෙප්පු දෙකක්‌වත් නොතිබුණු බවත් අඩුපාඩු සියල්ල සොයා බලා තමන්ට සහාය දැක්වූවේ දෙමටගොඩ චමින්ද බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

තවත් ස්වාමීන්වහන්සේ නමක් බැලීමට මහරෝහලට ගිය අවස්ථාවේ දී දෙමටගොඩ චමින්දට පිරිත් නූල් ගැට ගැසුවේ ඔහු දැක්වූ ගෞරවයට මනුස්‌සකම පෙන්නීමට බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

නාන්න වතුර ටික තිබේද යන්න පවා සොයා බලමින් හිරගෙදර දී ඔහුට කළ හැකි දේ කළ බවයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ.

ඔහු පාතාල සාමාජිකයකු ද වැරදිකරුවකු ද උපාසකයකු ද යන්න තමන් වහන්සේට මෙහිදී වැදගත් නොවූ බවයි උන් වහන්සේ කියා සිටියේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment