වරාය නගර ව්‍යාපෘතිය යළි ඇරඹෙයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය චීන ආයෝජකයින් වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

වරාය නගර ව්‍යාපෘතිය යළි ඇරඹෙයි
වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් ඊයේ(14) දිනයේ දී අදාළ සමාගම වෙත වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවත ආරම්භ කළ හැකි බවට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

පසුගිය  09 වන දින රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණි.

 2014 වසරේ  සැප්තැම්බර් මාසයේ ආරම්භ වු වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව එල්ල වු විරෝධතා හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස 6 වන දින සිට එම ව්‍යාපෘතියේ කටයුතු නතර කරන ලෙස රජය විසින් නියෝග කර තිබුණි.

 නව රජය විසින් වරාය නගර ව්‍යාපෘතියට අදාළ පරිසර තක්සේරු වාර්තා ලබාගනිමින් ඊට අදාළ ගිවිසුම අලුත් කර මෙලෙස යළි එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment