නීති විරෝධී ලෙස අලි පැටවෙකු තබාගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප මත නිදහස් වී තිබේ.
අදාළ නඩුවේ මෝසමක් අද(11)කැඳවූ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කරමින් ධම්මාලෝක හිමියන්ගේ වෙනුවෙන් නීතිඥයින් පවසා ඇත්තේ මෙම හිමියන්ට අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩම කරවීමට ඇප ලබාදෙන ලෙසයි.
එසේම උඩුවේ ධම්මාලෝක හිමියන් ජනප්‍රිය ප්‍රතිරූපයක් බැවින් ද ඇප ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටි බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙම ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විනිසුරුවරයා පවසා ඇත්තේ ජනප්‍රියවීම නොවීම නීතියේ පිළිසරණයක් පැතීමට කාරණයක් නොවන බවයි.
ජනප්‍රිය පුද්ගලයින්ම මෙන්ම ජනප්‍රිය නොවන පුද්ගලයින්ටද නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බව පැවසූ විනිසුරුවරයා අස්ගිරි මහනාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉඩලබාදීම සම්බන්ධයෙන් සැලකිය හැකි බවයි.
ඒ අනුව ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප 3ක් මත සැකකාර උඩුවේ හිමියන් නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment