මුස්ලිම්වරයකු ලෙස වැරදියට හඳුනාගනු ලැබූ බෞද්ධ භික්‍ෂුවකට ඇමරිකාවේ ඔරිගන් ප‍්‍රාන්තයේ හූඞ් රිවර් ප‍්‍රදේශයේදී ප‍්‍රහාරයක් එල්ලවී ඇත.
කොසෙන් සැම්ප්සන් නමැති මෙම භික්‍ෂුව සාම්ප‍්‍රදායික දුඹුරු පැහැ සිවුරු හැඳ සිටින අතර හිස මුඩු කර සිටින බව පැවසේ.
සිය සුරතල් සුනඛයා ඇවිදවීම සඳහා පැමිණ මෝටර් රථයෙන් එළියට බසින අවස්ථාවේදී සුදු මිනිසකු පැමිණ ඇති අතර සැම්ප්සන්ගේ මුහුණට පහරදී ඔහුගේ හිස මෝටර් රථයට තබා තද කර ඇත.
අසැබි වදනින් මුස්ලිම්වරයකු ලෙස බැණ වැදී ඔහු පිටව ගොස් ඇතැයි පැවසේ.
නියම අවිහිංසාවාදී සෙන් බෞද්ධයකු ලෙස එයට ප‍්‍රතිචාර දක්වමින් සැම්ප්සන් විමසා ඇත්තේ බියෙන් හා කෝපයෙන් ජීවත් වීම පිලිබඳ සිතිය හැකිද යන්නයි.
වෘත්තියෙන් හෙද නිලධාරියකුද වන කොසෙන් සැම්ප්සන්ගේ මුහුණේ ලේ ගෙඩියක් හටගෙන ඇතත් ඔහු දින කිහිපයක් ගතවන තුරු ප‍්‍රහාරය පිළිබඳව පොලිසියට පැමිණිලි නොකළ බව පැවසේ.
තමන් සිදුවීම පිළිබඳ කිසිවක් නොපවසා සිටීමට සිතා සිටි නමුත් එවැන්නක් සිදුවූ පසු එය වාර්තාවිය යුතු බවට මිතුරෙකු කළ ප‍්‍රකාශය අනුමත කරමින් ඔහු පොලිසියට පැමිණිලි කළ බව සැම්ප්සන් පවසා ඇත.
හූඞ් රිවර් පොලිසිය පවසා ඇත්තේ අන්‍යාගමිකයන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ප‍්‍රදේශය තුළ වාර්තා වුවත් මෙතරම් ප‍්‍රසිද්ධියේ එවැනි ප‍්‍රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව වන බවයි.
(under the courtesy of lankacnews news web)

0 comments :
Post a Comment